ATX POWER SUPPLY එකක් Motherboard එක නැතුව On කරමු.


ඔයාල දන්නවනේ AT වගේ නෙමෙයි ATX PS වල Power On කරගන්න ස්ව්ච් එකක් එන්නෙ නෑ.
ඒත් අපිට පුංචි වැඩක් කරලා ATX PS එකකුත් ලේසියෙන්ම On කරගන්න පුලුවන්.

ඒත් ඇයි Manually On කරගන්න ඕනා වෙන්නේ?

1. Power Supply එක වැඩ කරනවාද කියලා බලාගන්න.
(සරලව බලාගැනීමට පමණයි, On වුවද නිවැරදි වෝල්ටීයතාවය නොලැබේනම් පරිගණකය ක්‍රියානොකරයි )

2. Power Supply එකෙන් වෙනත් වැඩක් කරගැනීමට
(උදා: Fan , Radio වගේ දෙයකට බලය ලබා ගැනීමට )


පටන් ගමු,

SAFETY FIRST - ආරක්ෂාව පළමුව

විදුලිය විසන්ධි කරන්න, ඔබ යම් අත්දැකීමක් ඇති අයෙකුනම් පමණක් ප්‍රවේසම් සහිතව මෙය අත්හදා බලන්න. සිදුවිය හැකි හානි සම්බන්ධයෙන් මා හට වගකීමක් ගත නොහැකි බව කරුණාවෙන් සලකන්න.

DO THIS ON YOUR OWN RISK

Power Supply එක පරිගණකයෙන් ගලවා ඉවත් කරන්න. සියලු සම්බන්ධතා ද ගලවන්න.
(PS කවරය ගලවන්න එපා.!)

Motherboard එකට බලය සපයන ප්‍රධාන සැපයුම ගෙන එහි කොල පැහැති වයරය ‍තෝරාගන්න.

කොල පැහැති වයරය කෙලවරෙහි ඇති සොකට්‍ටුව මගින් කුඩා කම්බි කැබැල්ලක් යවා කම්බියෙහි අනෙත් කෙලවර ඒ අසල ඇති ඕනෑම කලු පැහැ වයරයක් අඩංගු සොකට්‍ටුවක හිර කරන්න.

සියල්ල නැවතත් පරීක්ෂා කරන්න, කොළ හා කලු වයර් එකක් එකිනෙක සම්බන්ධ වී තිබිය යුතුය.

දැන් විදුලි සැපයුම දෙන්න (ප්‍රවේශමෙන්)

Power Supply එකේ Fan එක වැඩ කරනවාද? ඔව් නම් ඔබ සාර්ථකයි.

පහල ඇති වීඩියෝ එක බලන්න, තවත් පැහැදිලි වේවි.

ප්‍රතිචාර අගයමි.


ඔබ ඔබේ XP Key එක දන්නවාද?

ආයුබෝවන් අද මං ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබ ඔබේ Windows XP Key එක දන්නවාද? ඔබේ Ms Office Key එක?

අපි මෙහෙම හිතමු, ඔයාගේ කොම්පියුටරේ Genuine XP සහ Office තියෙනවා නම් (ලැප්ටොප් එකේ එහෙම) හදිස්සියෙ XP අප්සට් ගහලා Reinstall කරන්න වෙනවා. Install කරපු CD KEY එක දන්නෙ නැත්නම් අමාරුවෙ වැටෙනවා නේද?
අන්තිමට වටිනා Genuine XP එක උඩින් Pirate Copy දාන්න සමහර විට ඔයා තීරණය කරන්නත් බැරි නෑ. ඉතිං ඒ ජාතික අපරාදෙන් ගැලවෙන්න දැන්ම Keys ටික ලියලා පරිස්සමට තියාගන්න.

Keys හොයාගන්න හැටි කිව්වෙ නෑනේ. ඒකට Key Finder Software එකක් බාගන්න. ඕන තරම් අන්තර්ජාලයේ තියෙනවා.

මෙතනින් ගන්න පුංච් වැඩ කාරයෙක් (668Kb).

ප්‍රතිචාර අගයමි.


Task Manager Disabled by your Administrator - නැති කරමු..


අයුබෝවන්, අද මම මගේ දෙවැනි ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ තවත් අපට හිසරදයක් වෙන "TASK MANAGER" Open කරන්න බැරි ලෙඩේ හොද කරගන්න ක්‍රම කිහිපයක්.. කරලා බලන්නකෝ...


මේකයි ලෙඩේ..

Task Manager Open කරන්න ගියහම මෙන්න මෙහෙම කියනවා.

"Task Manager Disabled by Your Administrator"

[Task Manager Open කරන්න Ctrl+Alt+Del ඔබන්න, නැත්නම් Ctrl+Shift+Esc ඔබන්න. ]


ලෙඩේ හැදෙන්න හේතුව..

Virus , Malware Etc..

සැ.යු. Administrator විසින් ද Task Manager මේ ලෙස සීමා කල හැක.



ලෙඩේ හොද කරන හැටි..

මුලින්ම හොද Anti Virus Software එකක් Install කරන් Virus ටික අයින් කරගන්න.

[ගෙවලා ගන්නවා නම් Kaspersky හොදයි, Free නම් Avast හොදයි]

Scan වුනාට පස්සේ බලන්න T/M වැඩද කියලා, වැඩ නැත්නම් ඉතුරු ටිකත් කියවන්න...



හොද Anti Malware එකකින් Scan කරන්න.
[ඒකට Free දෙන Malwarebytes එක දාගත්තම හොදටම ඇති.]

Malwarebytes Install කරලා Quick Scan එකක් කරන්න.
Results වල Errors පෙන්නුවම ඒවා Select කරලා Fix දෙන්න.

Restart කරලා බලන්න, ලෙඩේ හොදටම හොදයි.



ඉහත ක්‍රමයට අමතරව ඔබ විසින්ම හදාගන්න ඕනකමක් තියෙනවා නම් මේක කරලා බලන්න. හැබැයි පරිස්සමින්...

Start -> Run-> Type gpedit.msc ->ok

User Configuration යටතේ ඇති Administrative Templetes ගොස් System දිග හැර ගන්න.

දැන් ඒ යටතේ තිබෙන Ctrl+Alt+Del Options මත Click කරන්න.

දකුණු පස ඇති Remove Task Manager මත දෙවරක් Click කරන්න.

Task Manager Settings Properies Window එක ආ විට, එහි ඇති Not Configured ‍තෝරා Apply කර ඉවත් වන්න.

එච්චරයි.

තව ක්‍රම කිහිපයක්ම තිබෙනවා, ඒත් ඒවා අවදානම්. ලේසි පාරෙන් ගියාම ඉවරයිනේ....

තවත් ලිපියකින් නැවතත් හමුවෙමු. ආයුබෝවන්..!

XP Reinstall කිරීමට පෙර ...


ආයුබෝවන්. මම පලමුවෙන්ම ඉදිරිපත් කරන බ්ලොග් පෝස්ට් එක මේකයි. වැරදි ඇත්නම් සමාව ඉල්ලමි.

ඔබ වින්ඩෝස් එක්ස් පී (XP) පාවිච්චි කරන්නෙක් නම්, හිටි ගමන් හෙතුවක් නැතුව කොම්පියුටරේ රීස්ටාර්ට් වෙන්න ගත්තු අවස්තා අත්දැකලා ඇති. ඒ කියන්නේ, ඔන් කරලා කලු පසුබිමේ වින්ඩෝස් ලෝගෝ එක පෙනෙන කොටම, නිල් පාට වෙලා අයෙමත් රීස්ටාර්ට් වෙන්න ගන්න එක. SAFE MODE ගියත් ඒ ටිකම තමයි. ඒ වෙලාවට සාමාන්්‍යන් අපි කරන්නේ XP ආපහු ඉන්ස්ටෝල් කරන එකනේ.? එත්, ඒකට ගොඩාක් වෙලා යන බව ඔයාලා දන්නවා. හැම දේකටම උත්තරේ FORMAT කිරීම නම් නෙමෙයි, මේ විදියට කරලා බලන්න. බැරි උනොත් ඉතින් එහෙම කරන්න වෙනවා.

1. මුලින්ම XP CD එකෙන් BOOT කරන්න.
(ඒ සදහා BIOS එකට ගිහින් BOOT ORDER එක මෙහෙම හදන්න [1st Boot Device - CD ROM]

2. Press any key to boot from CD... (Enter කරන්න)

3. ටික වෙලාවකින් Menu එක ආවම Recovery Console යන්න. (R ඔබන්න)

4. ඊලගට 1 ඔබලා Enter කරන්න

5. Administrator Password අහද්දි Password එකක් තිබුනා නම් Type කරන්න. නැත්තම් නිකම්ම Enter කරන්න

6. C\Windows ආවද? එහෙනම් වැඩේ පටන් ගමු.

7. chkdsk කියලා type කරලා Enter කරන්න

8. ඒකෙන් වෙන්නේ ඔයාගේ Hard Disk එක Scan වෙන එකයි. File Damage වෙලා තිබුනොත් මේ ක්‍රමයෙන් ගොඩක් දුරට හරිගස්සනවා.

9. 100% ගියාම exit ගහල restart වෙන්න දෙන්න. මතක් කරලා Boot Order එක තිබුනු විදියට හදන්න.

10. දැන් ඉතින් බලන්න ලෙඩේ හොදයිද කියලා.. කරලා බලලා ප්‍රතිචාරයක් දෙන්න..

තවත් මොකක් හරි දෙයක් අරන් ලගදිම එනකම් ඉතින් ආයුබෝවන්..!

Video From You Tube