
ඔයාල දන්නවනේ AT වගේ නෙමෙයි ATX PS වල Power On කරගන්න ස්ව්ච් එකක් එන්නෙ නෑ.
ඒත් අපිට පුංචි වැඩක් කරලා ATX PS එකකුත් ලේසියෙන්ම On කරගන්න පුලුවන්.
ඒත් ඇයි Manually On කරගන්න ඕනා වෙන්නේ?
1. Power Supply එක වැඩ කරනවාද කියලා බලාගන්න.
(සරලව බලාගැනීමට පමණයි, On වුවද නිවැරදි වෝල්ටීයතාවය නොලැබේනම් පරිගණකය ක්‍රියානොකරයි )
2. Power Supply එකෙන් වෙනත් වැඩක් කරගැනීමට
(උදා: Fan , Radio වගේ දෙයකට බලය ලබා ගැනීමට )
පටන් ගමු,
SAFETY FIRST - ආරක්ෂාව පළමුව
විදුලිය විසන්ධි කරන්න, ඔබ යම් අත්දැකීමක් ඇති අයෙකුනම් පමණක් ප්‍රවේසම් සහිතව මෙය අත්හදා බලන්න. සිදුවිය හැකි හානි සම්බන්ධයෙන් මා හට වගකීමක් ගත නොහැකි බව කරුණාවෙන් සලකන්න.
DO THIS ON YOUR OWN RISK
Power Supply එක පරිගණකයෙන් ගලවා ඉවත් කරන්න. සියලු සම්බන්ධතා ද ගලවන්න.
(PS කවරය ගලවන්න එපා.!)
Motherboard එකට බලය සපයන ප්‍රධාන සැපයුම ගෙන එහි කොල පැහැති වයරය තෝරාගන්න.
කොල පැහැති වයරය කෙලවරෙහි ඇති සොකට්‍ටුව මගින් කුඩා කම්බි කැබැල්ලක් යවා කම්බියෙහි අනෙත් කෙලවර ඒ අසල ඇති ඕනෑම කලු පැහැ වයරයක් අඩංගු සොකට්‍ටුවක හිර කරන්න.
සියල්ල නැවතත් පරීක්ෂා කරන්න, කොළ හා කලු වයර් එකක් එකිනෙක සම්බන්ධ වී තිබිය යුතුය.
දැන් විදුලි සැපයුම දෙන්න (ප්‍රවේශමෙන්)
Power Supply එකේ Fan එක වැඩ කරනවාද? ඔව් නම් ඔබ සාර්ථකයි.
පහල ඇති වීඩියෝ එක බලන්න, තවත් පැහැදිලි වේවි.
ප්‍රතිචාර අගයමි.


0 අදහස්:
Post a Comment