ආයුබෝවන්. මම පලමුවෙන්ම ඉදිරිපත් කරන බ්ලොග් පෝස්ට් එක මේකයි. වැරදි ඇත්නම් සමාව ඉල්ලමි.
ඔබ වින්ඩෝස් එක්ස් පී (XP) පාවිච්චි කරන්නෙක් නම්, හිටි ගමන් හෙතුවක් නැතුව කොම්පියුටරේ රීස්ටාර්ට් වෙන්න ගත්තු අවස්තා අත්දැකලා ඇති. ඒ කියන්නේ, ඔන් කරලා කලු පසුබිමේ වින්ඩෝස් ලෝගෝ එක පෙනෙන කොටම, නිල් පාට වෙලා අයෙමත් රීස්ටාර්ට් වෙන්න ගන්න එක. SAFE MODE ගියත් ඒ ටිකම තමයි. ඒ වෙලාවට සාමාන්්යන් අපි කරන්නේ XP ආපහු ඉන්ස්ටෝල් කරන එකනේ.? එත්, ඒකට ගොඩාක් වෙලා යන බව ඔයාලා දන්නවා. හැම දේකටම උත්තරේ FORMAT කිරීම නම් නෙමෙයි, මේ විදියට කරලා බලන්න. බැරි උනොත් ඉතින් එහෙම කරන්න වෙනවා.
1. මුලින්ම XP CD එකෙන් BOOT කරන්න.
(ඒ සදහා BIOS එකට ගිහින් BOOT ORDER එක මෙහෙම හදන්න [1st Boot Device - CD ROM]
2. Press any key to boot from CD... (Enter කරන්න)
3. ටික වෙලාවකින් Menu එක ආවම Recovery Console යන්න. (R ඔබන්න)
4. ඊලගට 1 ඔබලා Enter කරන්න
5. Administrator Password අහද්දි Password එකක් තිබුනා නම් Type කරන්න. නැත්තම් නිකම්ම Enter කරන්න
6. C\Windows ආවද? එහෙනම් වැඩේ පටන් ගමු.
7. chkdsk කියලා type කරලා Enter කරන්න
8. ඒකෙන් වෙන්නේ ඔයාගේ Hard Disk එක Scan වෙන එකයි. File Damage වෙලා තිබුනොත් මේ ක්රමයෙන් ගොඩක් දුරට හරිගස්සනවා.
9. 100% ගියාම exit ගහල restart වෙන්න දෙන්න. මතක් කරලා Boot Order එක තිබුනු විදියට හදන්න.
10. දැන් ඉතින් බලන්න ලෙඩේ හොදයිද කියලා.. කරලා බලලා ප්රතිචාරයක් දෙන්න..
තවත් මොකක් හරි දෙයක් අරන් ලගදිම එනකම් ඉතින් ආයුබෝවන්..!


5 අදහස්:
මේ විදියට කලහම ඉන්ස්ටෝල් කරල තිබුණ සොෆ්ට්වෙයා ආයිත් දාන්න වෙන්නෙ නැත්ද?
මේක හොඳ ලිපියක් ආධුනික අයට ගොඩක් වටිනවා. මගෙන් ගොඩක් දෙනෙක් අහනවා මේ ප්රශ්ණය. දැන් ඒ අයට කියල දෙන එක නවත්තල මේ ලින්ක් එක දෙන්න පුළුවන්.හැබැයි මේ වැඩේ හැම වෙලාවෙදිම හරි නොයන එක කමයි ප්රශ්නේ.
ඇත්ත, මේක හැම ලෙඩකටම විසඳුමක් නෙමෙයි. එක විසඳුමක් පමණයි.
මගේ පලමු ලිපියට ප්රතිචාර දැක්වූ ඔබ සැමට ස්තුතියි.
@alaya; මේ ක්රමේ කරද්දි ආපහු මුකුත් දාන්න ඕන වෙන්නෙ නැ, ඔයාගේ DOCUMENTS කිසිදෙයක් නැතිවෙන්නෙ නෑ
Post a Comment